ප්‍රමුඛ පුවත 1

මේජර් ජෙනරාල් රුවන් කුලතුංග ජාතික බුද්ධි අංශ ප්‍රධානි තනතුරට.

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත නව ජාතික බුද්ධි අංශ ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් රුවන්  කුලතුංග මහතා මෙලෙස පත් කර ඇකි බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඊට අදාළ පත්වීම් ලිපිය ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා විසින් ඔහුට ලබාදී ඇති බවත් හෙතෙම නව ධුරයෙහි වැඩ භාර ගැනීම ඊයේ (10) සිදු කර තිබේ.

ඒ අනුව ඉකුත් පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික බුද්ධි ප්‍රධානි තනතුර මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතාට මෙම පත්විම හිමීව තිබේ.

හෙතෙම යුධ හමුදා පාබළ රෙජිමේන්තුවේ අධිපති සහ ආරක්ෂක සේනා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනා විධායක ලෙසද තනතුරු හොබවමින් සිටියේය.

සෞඛ්‍ය හේතු මත දන්වමින් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා ජාතික බුද්ධි ප්‍රධානි ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඉන් පුරප්පාඩු වූ මෙම තනතුර සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා මෙලෙස පත් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දරුවෙකුට පහර දුන් විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

IOC ඉන්ධන මිලත් ඉහළට

Mohamed Dilsad

මධ්‍යස්ථාන 17 ක් තුළ පුද්ගලයින් 2463 ක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment