ප්‍රමුඛ පුවත 1

සක්විති රණසිංහට ඇප

(UTV| කොළඹ)  – රුපියල් කෝටි 162 කට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අභයරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ අද ඇපමත නිදහස් කෙරේ.

2009 වසරේ සැප්තැම්බර් මාසයේ වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු සත්විති රණසිංහ වසර 10 කට අධික කාලයක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිට තිබේ.

ඔහු ගනුදෙනුකරුවන් විසින් සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගමෙන් තැන්පත් කළ රුපියල් කෝටි 162 කට අධික මුදලක් වංචා කිරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා ඇති නඩු 03 ක ප්‍රධාන විත්තිකරු වේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 06 ක මුදල් ඇප සහ රුපියල් එක් කෝටි දස ලක්ෂයක ශරීර ඇපකරුවන් 06 දෙනෙකු මත විත්තිකරු මුදා හැරීමට අද දින කොළඹ මහාධිකරණය නියෝග කළේය.

නඩුව සැප්තැම්බර් 12 වැනි දින යළි කැඳවීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිනුවන්ගොඩ කෝලාහලයට අත්අඩංගුවේ සිටි සැකකරුවන් 3ක් ඇප මුදාහැරේ

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරින් 16,800 කට පත්වීම් ලබාදීම හෙට

Mohamed Dilsad

මහජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්…

Mohamed Dilsad

Leave a Comment