ප්‍රමුඛ පුවත 1

බීඩිකොළ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) –  බීඩිකොළ කිලෝග්‍රෑම් 361 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය පවසයි.

ඊයේ මන්නාරම,එරුක්කලම්පිට්ටි, නම වන පටුමඟ ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී මෙම බීඩිකොළ තොගය සොයාගෙන ඇත.

මන්නාරම දිසා විෂ මත්ද්‍රව්‍ය නාශකයේ නිළධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඇසුරුම් 12 ක් තුළ අදාළ බීඩි කොළ අසුරා තිබු අතර, සැකකරු කලෙක පටන් මෙම ජාවාරම සිදුකළ පුද්ගලයෙකු බව අනාවරණය වි ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේය.

පොලිසිය පැවසූවේ ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් තීරු බදු රහිතව මන්නාරම වෙත බීඩි කොළ රැගෙන එන ජාවාරම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බවට තොරතුරු වාර්තා වි ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු හා බීඩි කොළ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හිටපු ජනපතිව සී.අයි.ඩී යට කැඳවයි

Mohamed Dilsad

අවුරුදු සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවක්..

Mohamed Dilsad

සතොස හිටපු සාමාන්‍යාධිකාරීට ඇප

Mohamed Dilsad

Leave a Comment