ප්‍රමුඛ පුවත 1

ත්‍රිකුණාමල මණ්ඩප දින නියමයක් නොමැතිව වසා දැමේ

(උදයම්,ත්‍රිකුණාමලය) – නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩප දින නියමයක් නොමැතිව වසා දැමේ.

විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පැවසුවේ විශ්වවිද්‍යාලයේ සිසුන් කලහකාරී ලෙස හැසිරෙමින් වීරෝධතාවක නිරතවීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

මෙහිදී සිසුන් ටයර් පුළුස්සමින් විරෝධතාවයේ නිරතවී තිබේ.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලයේ පිහිටි සන්නිවේදන සහ ව්‍යාපාර අධ්‍ය්‍යන පීඨය, ව්‍යවහාරික අධ්‍යාපන පීඨය සහ සිද්ධ වෛද්‍ය පීඨයේ විභාග පසුගිය පෙබරවාරි 28 වන දා පවත්වා ඇත.නමුත් එහි ප්‍රතිඵල ලබාදී ඇත්තේ සිසුන් කොටසකට පමණි.මෙයට විරෝධය පළකළ සිසුන් 16 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය පියවර ගත්තේය.

මෙම සිද්ධියෙන් පසු යළි විභාග කටයුතු ආරම්භවීමට නියමිතව තිබුණේ ඊයේ(20) දිනයේය.නමුත් පන්ති තහනම් කළ සිසුන්ට ඊට සහභාගී වීමට ඉඩනොදී  එම විභාග නොපවත්වන ලෙස බලකරමින් සිසුහු ඊයේ මෙලෙස විරෝධතාවයේ නිරත වුහ.

Related posts

FBI කණ්ඩායම දිවයිනට

Mohamed Dilsad

2016 දී සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව 35199ක් – ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක කියයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු ගැටුමේ රූපවාහිනී දර්ශන හෙට විමර්ශනයට

Mohamed Dilsad

Leave a Comment