ප්‍රමුඛ පුවත 1

විදේශ ගමන් බලපත්‍ර ගාස්තු හෙට සිට ඉහලට – ආගමන විගමන දෙපාර්තමේන්තුව

(UTV| කොළඹ) – 2019 වර්ෂය සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අයවැය යෝජනා අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ ගාස්තු හෙට (01) සිට ඉහළ දැමීමට කටයුතු කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ සාමාන්‍ය සේවය සඳහා මීන් පෙර අයකල රුපියල් 3,000 ක මුදල රුපියල් 500 කින් ඉහළ දමමීන් රුපියල් 3,500 ක අගයකට ගෙන එන බව සඳහන්.

එසේම සාමාන්‍ය සේවාව යටතේ වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට වසර 03 ක් වලංගු ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සදහා මීන් පෙර අයකල රුපියල් 2,500 ක ගාස්තුව රුපියල් 500 කින් ඉහළ දැමෙන අතර ,ඒ අනුව නව සංශෝධිත ගාස්තුව රුපියල් 2,500 ක් වනු ඇත.

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ එක්දින සේවය සදහා මීට පෙර අය කළ රුපියල් 10,000 ක ගාස්තුව හෙට (01) සිට රුපියල් 15,000 ක් වේ.

එසේම එක්දින සේවාව යටතේ වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට වසර 03 ක් වලංගු ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සදහා මීට පෙර අයකල ගාස්තුව රුපියල් 5000 ක් වන අතර, නව ගාස්තුව රුපියල් 7500 ක් දක්වා රුපියල් 2,500 කින් ඉහළ දමා තිබේ.

මීට අමතරව විදේශ ගමන් බලපත්‍රයේ වෙනස්කම් සිදුකිරීම සදහා එක් වෙනස්කමකට මීට පෙර අයකළ රුපියල් 500 ක මුදල රුපියල් 1000 ක් දක්වා ඉහළ දමන බව එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කේරළ ගංජා තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

2019 ජනාධිපතිවරණ සටනට අපේක්ෂකයින් 35 දෙනෙක් [PHOTO]

Mohamed Dilsad

ඇමති රිෂාඩ්ට තවත් අමාත්‍යාංශ දෙකක් භාර දෙයි

Mohamed Dilsad

Leave a Comment