ප්‍රමුඛ පුවත 1

ඇමති රිෂාඩ් පත්කළ විද්වත් මණ්ඩලයට කැබිනට් අනුමැතිය

(UTV| කොළඹ)  – සමුපකාරයේ ඇති ගැටළු විසඳීම සඳහා විද්වත් මණ්ඩලයක් පත් කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ඒ අනුව සමස්ත සමුපකාර ක්‍රමවේදය, එහි දැනට පවතින ගැටලු, එම ගැටලු සඳහා විසඳුම් සහ ඒ සඳහා සමුපකාර නීති රාමුව තුළ සිදුවිය යුතු සංශෝධනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම විද්වත් මණ්ඩලය පත් කරනු ලබයි.

මෙරට මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද පුළුල් හා කාර්යක්ෂම සේවාවක් සපයමින් පොදු අරමුණු ඉටුකරගැනීම උදෙසා සමුපකාර ව්‍යාපාරය සුවිශේෂී දායකත්වයක් සපයයි.

කෙසේ වෙතත් මෙරට සමුපකාර ක්ෂේත්‍රය තුළ දේශපාලනීකරණය, අකාර්යක්ෂම කළමනාකරණය හා පරිපාලන ගැටලු ආදි තත්ත්වයන් නිරීක්ෂණය වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පකිස්ථානයෙන් පොහොර මෙට්‍රික් ටොන් 75,000ක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

Mohamed Dilsad

Leave a Comment