ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයක සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් 40ක් අත්අඩංගුවට

(UTV|කොළඹ) – සති අන්තයේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක යුද හමුදාව විශේෂ සිදුකළ සෝදිසි මෙහෙයුම් සිදු කල අතර එහිදී  සැකපිට පුද්ගලයින් 40කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ජනතාවගේ අරක්ෂාව තහවුරු කිරීම සඳහා යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ දිගින් දිගටම මෙවැනි වැටලීම් සිදුකරයි.

ඒ අනුව පසුගිය සෙනසුරාදා සහ ඉරිදා  දිනවලද කොළඹ,ගම්පහ ,කුරුණෑගල,හලාවත,කළුතර වැනි දිස්ත්‍රික්ක වල තෝරාගත් ප්‍රදේශ  විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළේය.

මෙම සෝදිසි කිරීම් වලදී සැකපිට පුද්ගලයින් 37 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වැඩබලන යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

මින් 19 දෙනෙකු මාවතගම ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර 08 දෙනෙකු කළුතර පෝරුතොට ප්‍රදේශයෙන්, තවත් තිදෙනෙකු මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයෙන් ද  අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව වනාතවිල්ලුව ප්‍රදේශයෙන් ද එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී පුපුරණ ද්‍රව්‍ය කිලෝ 15ක් සොයාගෙන ඇති බව වැඩබලන යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කුමාර් ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය

Mohamed Dilsad

ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් කෝප් කමිටුව අද විශේෂ සාකච්චාවක.

Mohamed Dilsad

නැගෙනහිරට නව හෝටල් පාසැලක්

Mohamed Dilsad

Leave a Comment