විදෙස්

උපකාරක පන්තියක ඇතිවූ ගින්නකින් ඉන්දියාවේ සිසුන් දහනව දෙනෙකු මරුට

(UTV|ඉන්දියාව)  – ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සූරට් නගරයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්තියක හටගත් ගින්නකින් සිසුන් ඇතුළු 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙහිදී වයස අවුරුදු 14ත්, 17ත් අතර වයස් සීමාවේ ළමයින් පිරිසක් මෙම අනතුරට මුහුණ දී ඇත.

මිය ගිය 16 දෙනෙකුම සිසුවියන් බව ඉන්දීය වර්තා පවසයි.

තක්ෂිලා ලෙස නම් කෙරුණු උපකාරක පන්ති පිහිටි මෙම ගොඩනැගිල්ලේ තුන් වන සහ සිව් වන මහල්වල ගින්න හටගෙන ඇත.

ගින්නෙන් බේරීම සඳහා පිටතට පනින ලද සිසුන් පිරිසක්ද මෙහිදී මිය ගොස් තිබේ.

සිසුන් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඊලොන් මස්ක් ඊශ්‍රායලයට

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ශ්‍රී ලංකාව ට අලුත් පත් කිරීමක්

Editor O

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්

Mohamed Dilsad

Leave a Comment