ප්‍රමුඛ පුවත 1

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තද වැසි.

(UTV| කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ දකුණු පළාත්වලත් යාපනය දිස්ත්‍රිකකයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කෙරෙන අතර සෙසු පළාත් වල විශේෂයෙන් සවස 2.00න්  පමණ  පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.100ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්  කාරුණිකව  ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇප ලැබුණු රාජිත තවමත් රෝහලේ

Mohamed Dilsad

අදත් දිස්ත්‍රික්ක කීපයකට උණුසුම් කාළගුණයක්…

Mohamed Dilsad

2018 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද මුදාහරි.

Mohamed Dilsad

Leave a Comment