ප්‍රමුඛ පුවත 1

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තද වැසි.

(UTV| කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ දකුණු පළාත්වලත් යාපනය දිස්ත්‍රිකකයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කෙරෙන අතර සෙසු පළාත් වල විශේෂයෙන් සවස 2.00න්  පමණ  පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.100ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්  කාරුණිකව  ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහන පැකේජය තවදුරටත් පුලුල් කිරිමට කැබිනට් අනුමැතිය.

Mohamed Dilsad

සැප්තැම්බර් මාසයට කලින් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ යුතුයි..

Mohamed Dilsad

කැළණිතිස්ස ගින්න පිළිබඳ විමර්ශනයක්

Mohamed Dilsad

Leave a Comment