ප්‍රමුඛ පුවත 1

“Moon2Mars” නාසා ව්‍යාපෘතියේ නිල ලාංඡනය නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකික සිසුවෙක්.

(UTV| කොළඹ) – පරිඝණක කේතයන් භාවිතා කිරීමට ලොව වටා සිටින දරුවන්ට ඉඩ සැලසීමේ ප්රමුඛයා වන ටින්කර් නම් අධ්‍යාපනික මෘදුකාංග වැඩසටහන විසින් පසුගියදා සිදු කරන ලද තරඟයකදී නාසා විශේෂඥයින් විසින් තෝරාගත් ජයග්‍රාහිකයින් පස් දෙන අතරට  ශ්‍රී ලාංකික සිසුවෙක්  තේරී පත් වී තිබේ.

නාසා ආයතනය 2024 දී චන්ද්‍රයා වෙත ගමන් කරන මෙහෙයුම සඳහා ලාංඡනය නිර්මාණය කිරීමේ (Mission Patch Design Challenge) තරඟයට ශ්‍රී ලංකාවේ , ඉෂාක් සියාම් සිසුවා තේරී පත් වී ඇති බව නසා ආයතනය සඳහන් කළේය.

එම සිසුවා කොළඹ පාසලක 6 වන ශ්‍රේණියේ ඉගනුම ලබන සිසුවෙක්.

එම ජයග්‍රාහිකයින් අතරට ,ඇමරිකා එක්සත් ජනපදයෙන් සිසුන් තිදෙනෙක් සහ මැලේසියාවෙන් එක් සිසුවෙක් තේරී පත්ව ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම තරඟය සඳහා නිර්මාණ 10,000 ක් පමණ ලැබුණු අතර එයින් නිර්මාණ 5 ක් තොරාගැනුණු බවයි ටින්කර් හි අධ්‍යාපනික වැඩසටහනේ උප සභාපති කෞස්ටව් මිත්රා ( Kaustav Mitra) පවසන්නේ.

උප සභාපති කෞස්ටව් මිත්රා පැවසුවේ අභ්‍යවකාශ අධ්‍යාපන සඳහා දරුවන් යොමු කිරීම මෙහි අරමුණ බවයි

නාසා ආයතනය සමඟ එක්ව ටින්කර් විසින් සැලසුම් කරන ලද මෙම ව්‍යාපෘතිය “Moon2Mars” ලෙස හඳුන්වයි.

1965 සිට සෑම මෙහෙයුමකට මෙවැනි ලාංජන නිර්මාණය කෙරුණු බවත් අතර ඉදිරි  Moon2Mars තරඟ දෙක  සැප්තැම්බර් සහ ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත බවත් නසා ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උඩුවේ ධම්මාලෝක හිමියන්ට විදෙස් ගතවීමට අවසර

Mohamed Dilsad

හෙට අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා අද අනුරාධපුරයේ දී

Mohamed Dilsad

Leave a Comment