ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවට වසර දෙකක් කල් දීමේ යෝජනාවට තවත් රටවල් කිහිපයක සහය

(උදයම්,කොළඹ)  – ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසිවාරය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කෙටුම්පත සඳහා ඊයේ (19) දින වන විට තවත් ප්‍රබල රටවල් 6ක සහයෝගය ලැබි ඇති බව වාර්තාවේ.

“ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය” යන තේමාව යටතේ ඉදිරිපත්ව ඇති මෙම යෝජනා කෙටුම්පතෙහි ප්‍රධාන අනුග්‍රාහක රාජ්‍යයන් වූයේ බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, උතුරු අයර්ලන්තය හා මොන්ටෙනෝගෝ යන රටවල්ය.

ඊට අමතරව ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනිය, ඊශ්‍රායලය, ජපානය, හා නෝර්වේ රාජ්‍යය මෙසේ ඊයේ (19) වන විට මෙම යෝජනා කෙටුම්පතට සහය පළකර ඇති බව තානාපති ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගිය ජගත් මානව හිමිකම් කවුන්සිල සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධව සම්මත වූ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට තවත් වසර 2ක කාලයක් ලබාදීම මෙම නව යෝජනා කෙටුම්පතෙහි ප්‍රධාන අරමුණකි.
ඒ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක්, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසියට ඉදිරිපත් කළ යුතුව ඇත.

මෙම කෙටුම්පත සඳහා හෙට (21) දිනතෙක් කවුන්සිලයේ සාමාජික රටවලට සංශෝධන එක් කළ හැකි වේ.

Related posts

ඕනෑම අගමැති කෙනෙකු සමඟ වැඩ කිරීමට ඉන්දියාව සුදානම්

Mohamed Dilsad

පොලිස් නිළධාරීන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

පාසල් සිසුවියක් දූෂණය කල ගුරුවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment