ප්‍රමුඛ පුවත 1

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු භාෂා පරිවර්ථකයා මාස 3ක් රැඳවුම් භාරයට

(UTV| කොළඹ) – ජාතික තවුහීද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක නිලධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුරුණෑගල පොලීසියට අවසර ලබා දෙයි.

ඒ අනුව දින 90 ක කාලයක් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් අවසර ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

කුරුණෑගල විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර පාර්ලිමේන්තු භාෂා පරිවර්තක නිලධාරියා තවුහිද් ජමාත් සංවිධානයේ දීර්ඝ කාලීන ප්‍රබල සාමාජිකයෙකු බව අනාවරණය වී තිබේ.

එමෙන්ම ඔහු ජාතික තවුහීද් ජමාත් සංවිධානය විසින් දිවයින පුරා පවත්වන ලද දේශනා මාලාවේ ප්‍රධානතම දේශකයෙකු ද වන බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මධ්‍යම කඳුකරයේ බිම් වනාන්තර බවට පත් කරනවා – අනුර [VIDEO]

Mohamed Dilsad

ඥාණසාර හිමියන්ට සිර දඬුවම් නියම කරයි.වන්දි ගෙවන්නැයි නියෝග

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

Leave a Comment