ප්‍රමුඛ පුවත 1

ඉදිරි දින වල බොහෝ ප්‍රදේශ් වලට වැසි

(UTV| කොළඹ)  – ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඌව,උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස 2.00 න් පමණ පසුව තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බස්නාහිර, සබරගමුව,මධ්‍යමසහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.100ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ කොමිසම ලබන 9 වනදා රැස්වෙයි

Mohamed Dilsad

බටහිර ඉන්දීය කොදෙව්වන් පරදා සිංහයන්ට ජය

Mohamed Dilsad

පරිපාලන සේවයේ නිළධාරීන් ඇතුළු විධායක දීමනා නිළධාරීන්ට දීමනාවක්

Mohamed Dilsad

Leave a Comment