විදෙස්

ඉන්දීය මහමැතිවරණයේ අවසන් අදියර අදයි

(UTV|) – අදියර 7කින් පැවැත්වුණු ඉන්දීය මහමැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වේ

කෝටි 10 කට අධික පිරිසක් මෙවර ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටියහ.

එහිදී ප්‍රාන්ත සහ විශේෂිත ප්‍රදේශ 8ක ආසන 59ක් සඳහා අපේක්ෂකයන් 912 ක් තරඟ වැදුණු අතර පන්ජාබ්, උත්තර් ප්‍රදේශ්, බෙංගාලය, මධ්‍ය ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්තවල ඒ සඳහා 112,000ක් ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

මේ සමඟ ඉන්දීය ලෝක් සභාව, එනම් පාර්ලිමේන්තුවේ ආසන 543 ක් සඳහා ඡන්ද විමසීම් අවසන් වන අතර, අවසන් ප්‍රතිඵල මැයි 23 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝ පුරා කොරෝනා ආසාදිතයින් විසි දෙලක්ෂය ඉක්මවා යයි

Mohamed Dilsad

ඉරාක පාර්ලිමේන්තුව විරෝධතාකරුවන් අතට පත් වෙයි

Mohamed Dilsad

උතුරු කොරියානු නායකයා රුසියානු ප්‍රධානීන් හමුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment