ප්‍රමුඛ පුවත 1

බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවක ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

(උදයම්,කොළඹ) – කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට නවාතැන් ලබාදීමේ චෝදනා මත කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ගාල්ල වලහන්දුව ප්‍රදේශයේ පදිංචි සැකකාරියක මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙමෙ කාන්තාව වෙඩි තැබීමට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති පුද්ගලයෙකුට ඉඳුම් හිටුම් සපයා දී ඔහුව වසන්කළ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇත.
වෙඩි තැබීම සිදුවූ දිනට පසු ඊට සම්බන්ධ අපරාධකරුවෙකු සැකකාරියගේ නිවසේ දින කිහිපයක් සැඟවී සිටි බවට විමර්ශනවලදී හෙළිවී තිබේ.
ඊට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් ඔත්තු බැලු බවට සැකකෙරෙන පානදුර පිංවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු ද ඊයේ (16) රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගත බව පොලිසිය පැවසීය.
මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් 5ක් විවිධ අංශ ඔස්සේ පරීක්ෂණ මෙහෙයවමින් සිටියි.
එමෙන්ම පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයක් මත එම පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායම් 2 ක් ද යොදවා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් සියලුදෙනා නිශ්චිතව හඳුනා ගැනීමට මේ වනවිට පොලිස් කණ්ඩායම් සමත්ව ඇති බවය.
එම සියලු පුද්ගලයන් තමන් පදිංචි ප්‍රදේශවලින් ඉවත්වී විවිධ ප්‍රදේශවලට පළාගොස් සැගවී සිටින බවට ද පොලීසිය අනාවරණ කරගෙන තිබේ.
එම සැකකරුවන්ගෙන් කිහිප දෙදෙනෙකු විදේශගතවීමේ සැලසුමක් පිළිබඳ ලැබී ඇති තොරතුරු අනුව කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළවල ආගමන විගමන කටයුතු නිරීක්ෂණයට පොලිස් කණ්ඩායම් 2 ක් ද යොදවා තිබේ.
සැකකරුවන් බෝට්ටු මඟින් රටින් පළා යාමට ඇති අවස්ථා වැලැක්වීමට ද විශේෂ වැඩපිළිවෙළක් යොදා ඇති බව පොලීසිය සඳහන් කරයි.

Related posts

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ

Mohamed Dilsad

අම්පාර සේනා දළඹු උවදුරින් පීඩාවට පත් ගොවීන්ට වන්දි.

Mohamed Dilsad

පූජිතගේ දිවුරුම් ප්‍රකාශය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අදයි

Mohamed Dilsad

Leave a Comment