විදෙස්

ඇන්ජලා මර්කල් ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට සුදානම්

(උදයම්,ඇමෙරිකා) – ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් වොෂින්ටන්යේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතය.

අත්ලාන්තික් සාගරය හරහා සිදු කෙරෙන වෙළෙඳ ගනු දෙනු සහ නේටෝ සබඳතා සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කරනු ඇති බව වාර්තාවේ.නේටෝ ආරක්ෂක කටයුතු සඳහා වෙන්කෙරෙන මුදල් වැඩි කරන ලෙස ඇමෙරිකාව ජර්මනියට දැනුම් දුණි.එසේ නොකළ හොත් ජර්මනියේ වාහන නිෂ්පාදන කටයුතු වලට යම් බලපෑමක් එල්ලවනු ඇති බවට ඇමෙරිකාව අනතුරු අඟවා ඇත.

ඇය සමග මෙම සාකච්ඡා සඳහා ජර්මනියේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් පිරිසක්ද එක් වීමට නියමිත බව වාර්තාවේ.විශේෂයෙන් BMW මෝටර් රථ සමාගමේ ප්‍රධානීන්,Siemens, සහ Schaeffer සමාගම් වල ප්‍රධානීන්ද ඊට එක්ව සිටී.

මෙමෙ සාකච්ඡා අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබුණද අයහපත් කාලගුණ තත්ත්වය නිසා එය කල් දමා තිබේ.

 

 

 

 

 

 

 

 

 

Related posts

බංග්ලාදේශය මහ මැතිවරණය ලබන 30 වැනිදා.

Mohamed Dilsad

සිවිල් යුද්ධයෙන් සිදු වූ වැඩිම ළමා මරණ 2016 වසරේදී

Mohamed Dilsad

ඉන්දියාවේ වෛද්‍යවරු 50ක් එක් දිනකට කොවිඩ් නිසා මරුට

Mohamed Dilsad

Leave a Comment