Trending News

පැහැරගත් ශ්‍රී ලාංකිකයින් සියලුදෙනා නෞකාව සමගින් බේරා ගැනේ

(උදයම්,කොළඹ) – සෝමාලි මුහුදු කොල්ලකරුවන් පැහැර ගත් ඒරිස් – 13 ඉන්ධන නෞකාව සහ කපිතාන්වරයා ඇතුලූ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය ඊයේ (16) රාත්‍රියේ මුදා හැර තිබේ.

කප්පම් ලබාදීමකින් තොරව ඔවුන් සියලූදෙනා නෞකාව සමග මුදා හැර ඇති බව වාර්තාවේ.

2012 වසරෙන් පසු මෙලෙස සෝමාලි මුහුදු කොල්ලකරුවන් පැහැර ගත් නෞකාවක් සාකච්ඡා මාර්ගයෙන් මුදා ගත් ප්‍රථම අවස්ථාව මෙයවීම විශේෂත්වයකි.

මේ වනවිට මුදා ගත් නෞකාව සමගින් ශ්‍රී ලාංකිකයින් 8 දෙනා සෝමාලියාවේ බොසාසෝ වරාය වෙත රැගෙන යමින් සිටින බව වාර්තාවේ.

මුදා ගත පිරිස පිළිගැනීම සඳහා සෝමාලියානු බලධාරින් උත්සවයක් ද සංවිධාන කර ඇති බව එරට වාර්තා වල දැක්වේ.

පැහැර ගැනීමට නෞකාවේ සෝමාලි මුහුදු කොල්ලකරුවන් 70 කට ආසන්න පිරිසක් සිටි බව එහි කපිතාන් නිකලස් ඇන්තනී සඳහන් කර තිබුණි.

Related posts

Ireland and Ulster wing Tommy Bowe to retire at end of season

Mohamed Dilsad

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Editor O

Winslet, Keaton, Wasikowska join “Silent” remake

Mohamed Dilsad

Leave a Comment