ප්‍රමුඛ පුවත 1

නව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

(UTV| කොළඹ) – නව නීතිපති ලෙස වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

මේ අතර අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා පත් කර තිබෙන අතර, ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස කේ.ජී අශෝකා අලවත්ත මහත්මිය පත් කර තිබේ.

එම මහත්ම මහත්මීන් ද අද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිංහල මිනිසුන් ජාතිවාදීන් නොවේ – වී. රාධක්‍රිෂ්ණන්

Mohamed Dilsad

නාවික හමුදා සෙබලෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකන් – එයාර් බස් ගණුදෙනු ගැන විමර්ශනයක් සිදුකරන ලෙස ජනපතිගෙන් නියෝග

Mohamed Dilsad

Leave a Comment