ප්‍රමුඛ පුවත 1

06 වනදා පාසල් ආරම්භය 6 වසරින් ඉහළ දරුවන්ට පමණයි

ලබන සඳුදා (06) දෙවන වාරය සඳහා ආරම්භ කරනු ලබන්නේ 6වන ශ්‍රේණියේ සිට ඉහළ පංති සඳහා පමණක් බව රජය පවසයි.

පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා සිසු දරු දැරියන්ගේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කරනු ලබන්නේ ලබන 13 වන සඳුදා බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීමට රජය විසින් විශේෂ ආරක්ෂක සැලසුමක් ක්‍රියාවට නංවා තිබේ.

එම සැලසුමේ එක් පියවරක් ලෙසට මෙලෙස අධ්‍යාපන කටයුතු ආරම්භ කෙරෙන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

TITLI සුළි කුණාටුව ඉන්දියාව දෙසට

Mohamed Dilsad

සේනා දළඹු මර්දනයට කෘමිනාශක මිලදී ගැනීම සඳහා ගොවීන්ට 50% ක සහනාධාරයක්.

Mohamed Dilsad

දෙමටගොඩදී දෙපිරිසක් ගැටෙයි

Mohamed Dilsad

Leave a Comment