ප්‍රමුඛ පුවත 1

කප්පාදුවකින් තොරව විදුලිබලය සැපයීම ගැන ජනපතිගේ අවධානය

(UTV| කොළඹ) – දෛනික විදුලිබල අවශ්‍යතාවය කප්පාදුවකින් තොරව සැපයීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(01)  ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

කාලගුණ විපර්යාස මත වැසි ලැබුණ ද විදුලිබලය නිෂ්පාදනය කරනු ලබන ජලාශවල ජල ධාරිතාව විශාල වශයෙන් ඉහළ ගොස් නොමැති බව මෙහිදී අනාවරණය කෙරුණු අතර එම නිසා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ද ජනාධිපතිතුමා සියලුදෙනාගෙන් ඉල්ලීමක් කළේය.

එමෙන්ම දෛනික විදුලි බල අවශ්‍යතාවය අඛණ්ඩව සැපයීම වෙනුවෙන් විකල්ප බලශක්ති උපයෝගිකර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැලිකඩ සිද්ධියට සහය දුන් නිලධාරියෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

එජාපෙ පක්‍ෂ නායකයින් අද අරලියගහ මන්දිරයට

Mohamed Dilsad

ICC සභාපති ශෂාන්ක් මනෝහර් ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment