ක්‍රීඩා

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයෙන් දකුණු අප්‍රිකාව ඉවතට

(උදයම්,දකුණු අප්‍රිකාව)  – 2022 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයෙන් ඉවත් වන බව දකුණු අප්‍රිකාව පවසයි.ඊයේ ඔවුන් මේ බව ප්‍රරකාශයට පත් කළේය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව තිබූ රටවල් 50කට අධික සංඛ්‍යාවක සහභාගීත්වයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සෑම වසර 4කටම වරක් පැවැත්වේ.

අප්‍රිකානු මහද්වීපයේ පැවැත්වෙන ප්‍රථම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ලෙස මෙය ඩර්බන් නගරයේදි පැවැත්වීමට නියමිතව තිබුණි.

දකුණු අප්‍රිකාවට අහිමි වන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා බ්‍රිතාන්‍යයේ ලිවර් පූල් සහ බර්මින්හැම් නගර උනන්දුවක් දක්වන බව වාර්තා වෙයි .

Related posts

බංග්ලාදේශයට ඓතිහාසික ජයක්

Mohamed Dilsad

ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එක්වේ [VIDEO]

Mohamed Dilsad

දෙවන දිනය අවසානයේදී නවසීලන්තය ලකුණු 305ක් ඉදිරියෙන්.

Mohamed Dilsad

Leave a Comment