ප්‍රමුඛ පුවත 1

ජනපති – අගරදගුරු හිමිපාණන් බැහැ දකී

(UTV| කොළඹ) – අද (22) දහවල් කොළඹ අගරදගුරු නිල නිවස වෙත ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අති උතුම් මැල්කම්  කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැකී.

පාස්කු ඉරුදින ආගමික වතාවත්වල නිරතව සිටිය දී කිතුණු බැතිමතුන්ට මුහුණදීමට සිදු වූ මෙම ඛේදජනක සිදුවීම පිළිබඳ මෙහිදී අගරදගුරු හිමිපාණන් වෙත සිය බලවත් කණගාටුව හා සංවේගය පළ කළ ජනාධිපතිතුමා මෙම තත්ත්වය හමුවේ ගෙන තිබෙන ඉදිරි පියවර පිළිබඳව ද උන්වහන්සේ සමඟ සාකච්ඡා කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ඉදිරියේ දී රට තුළ මෙවන් සිදුවීමකට ඉඩ නොතබා ඒ වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගැනීමට රජය මේ වන විට කටයුතු කර තිබෙන බවයි.

අගරදගුරු හිමිපාණන් ඇතුළු සියලු පූජකවරුන් සහ දේවස්ථානවලට ආරක්ෂාව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක එම ආරක්ෂක වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට ද තමා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබෙන බව ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ගේ ලැයිස්තුව ජනපතිට දෙන්න සුදානම්

Mohamed Dilsad

සහරාන්ගේ තවත් සගයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

උතුරු දිස්ත්‍රික්ක 05ක ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment