ප්‍රමුඛ පුවත 1

ජනපති – අගරදගුරු හිමිපාණන් බැහැ දකී

(UTV| කොළඹ) – අද (22) දහවල් කොළඹ අගරදගුරු නිල නිවස වෙත ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අති උතුම් මැල්කම්  කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැකී.

පාස්කු ඉරුදින ආගමික වතාවත්වල නිරතව සිටිය දී කිතුණු බැතිමතුන්ට මුහුණදීමට සිදු වූ මෙම ඛේදජනක සිදුවීම පිළිබඳ මෙහිදී අගරදගුරු හිමිපාණන් වෙත සිය බලවත් කණගාටුව හා සංවේගය පළ කළ ජනාධිපතිතුමා මෙම තත්ත්වය හමුවේ ගෙන තිබෙන ඉදිරි පියවර පිළිබඳව ද උන්වහන්සේ සමඟ සාකච්ඡා කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ඉදිරියේ දී රට තුළ මෙවන් සිදුවීමකට ඉඩ නොතබා ඒ වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගැනීමට රජය මේ වන විට කටයුතු කර තිබෙන බවයි.

අගරදගුරු හිමිපාණන් ඇතුළු සියලු පූජකවරුන් සහ දේවස්ථානවලට ආරක්ෂාව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක එම ආරක්ෂක වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට ද තමා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබෙන බව ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මීලග පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාක්ෂි දීමට ඇමතිවරුන් 03ක්

Mohamed Dilsad

විරෝධතාවයක් හේතුවෙන් කොටුව අවහිර වෙයි

Mohamed Dilsad

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සේවා දිවියට සමුදෙයි

Mohamed Dilsad

Leave a Comment