ප්‍රමුඛ පුවත 1

මෙම ප්‍රහාරය ලොව පුරා රාජ්‍ය නායකයින් සහ ආගමික නායකයින් හෙලා දකී

(UTV| කොළඹ) – කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක අද සිදුවූ පිපිරීම් පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම රාජ්‍ය නායකයින් ඇතුළු ලොව පුරා ජනතාවගේ අවධානයට යොමුව තිබේ.

රාජ්‍ය නායකයින් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් මෙම සිද්ධිය තරයේ හෙළා දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ට්විටර් පණිඩුඩයක් නිකුත් කරමින් ඉන්දියානු අගමැති නරේද්‍ර මොදි මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ දේවස්ථාන කිහිපයකට සහ හෝටල් කිහිපයකට එල්ල වූ ප්‍රහාරයන් තරයේ හෙළා දැකින බවයි.

එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මෙම ප්‍රහාරයන් හෙළා දැක ඇත.

ට්විටටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පැවසූවේ මෙම ප්‍රහාරය ගැන කනගාටුව පළ කරන බවයි.

ඔහු සිය ට්විටටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ මොහොතේ ශ්‍රී ලංකාවට උදව් කිරීමට සිය රට සූදානමින් පසුවන බවයි.

මීට අමතරව පාකිස්ථානය,රුසියාව, බ්‍රිතාන්‍ය, ඇෆ්ගනිස්ථානය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, නෙදර්ලන්තය, තුර්කිය, ඉරානය, ස්පාඤ්ඤ, ප්‍රංශය, ඇතුළු රටවල නායකයින් මෙන්ම යුරෝපා කොමිසම ද ශ්‍රී ලංකාවේ සිදුවූ මෙම ඛේදවාචකය දැඩිව හෙළා දැක තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මහින්ද රාජපක්ෂ ගැන අධිකරණ ඇමතිනීගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

අද සවස් කාලයේ පළාත් කීපයකට වැසි…

Mohamed Dilsad

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරගේ බිරිඳ සහ දියණියට ඇප

Mohamed Dilsad

Leave a Comment