විදෙස්

නොට්‌රඩෑම් දේවස්ථානය විනාශ වීමෙන් වළක්‌වා ඇත්තේ රොබෝ යන්ත්‍රයක්.

(UTV| ප්‍රංශය) – ප්‍රංශයේ හදවත ලෙස හඳුන්වන නොට්‌රඩෑම් දෙව්මැදුර මුළුමනින්ම විනාශ වීම වළක්‌වා ඇත්තේ ක්‌ලොස්‌සන් නැමැති රොබෝ යන්ත්‍රයකි.

රාත්තල් 10 ක්‌ බරැති මේ රොබෝ යන්ත්‍රයට ජලය විදීමට මෙන්ම සිදු වී ඇති හානියද නිරීක්‍ෂණය කළ හැකිය. කැමරා කීපයකින්ද සමන්විත ක්‌ලොස්‌සන් ගින්නට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය වී තිබේ.

මෙම රොබෝ යන්ත්‍රය දුරස්‌ථ පාලකයකින් ක්‍රියාත්මක වන අතර එහි මග පෙන්වීම මත ගිනි නිවන භටයන්ට ගිනිගෙන ඇති ස්‌ථානවලට ජල ප්‍රහාර එල්ල කිරීමට හැකි වී තිබේ.

දෙව්මැදුර තුළ ගිනි ගන්නා ස්‌ථාන අතරින් ඉදිරියට ගිය එම රොබෝ යන්ත්‍රය ඉතා සාර්ථකව ස්‌ථාන කීපයක ගිනි ගැනීම් සිය ජල ප්‍රහාරවලින් වලක්‌වා ඇත.

දිවා සහ රාත්‍රී කාලය තුළද එක සමානව කටයුතු කිරීමේ හැකියාවක්‌ ඇති ක්‌ලොස්‌සන් රොබෝ යන්ත්‍රය ඉතාමත් අනතුරුදායක ස්‌ථානවලට ගොස්‌ සිය රාජකාරිය ඉටු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීනයේ වුවාන් නගරයේ පොදු ප්‍රවාහන සේවය ඇණහිටී

Mohamed Dilsad

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ඉවතට

Editor O

ඉන්දියාවේ තීරණාත්මක මැතිවරණයක්

Mohamed Dilsad

Leave a Comment