ප්‍රමුඛ පුවත 1

නල්ලතන්නියේ ආහාර විෂ වී ළමුන් 42ක් රෝහලේ.

(UTV| කොළඹ) – නල්ලතන්නිය ප්‍රදේශයේ ආහාර විස විමක් හේතුවෙන් ලක්ෂපාන වතුයායේ වතු කම්කරුවන් සහ කුඩා ළමුන් 42ක් මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ ඊයේ (19) නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ කොවිලේ පැවති වාර්ෂික උත්සවයේදි වතු කම්කරුවන් වෙත ලබාදුන් දන්සලක ආහාර අනුභව කල අයගෙන් කුඩා ළමුන් 7 දෙනෙක් සහ කාන්තාවන් සහ පිරිමින් 35 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි

මෙම පිරිස උදරයේ අමාරුව සහ පාචනය යන රෝග ලක්ෂන නිසා රෝහල් ගත කර ඇති අතර එම වතු යායේම කොවිලේම ආහාර පිස බත්, පරිප්පු , බටු සහ වට්ටක්කා ව්‍යංජන, පාර්සල් වශයෙන් සකස් කර කොවිලට පැමිනුණු වතු කම්කරුවන්ට බෙදා හැර තිබේ.

නල්ලතන්නිය පොලිසිය පැවසුවේ අද අලුයම සිට රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි එම රෝගීන්ගේ තත්වය බරපතල නොවන බවත් මේ සම්බන්දයෙන් මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍යය අධිකාරි කාර්යයාලය මගින්ද පරික්ෂණයක් අරම්භ කර ඇති බවත් ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අයවැය මාර්තු මස මුල පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් 40ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment