ප්‍රමුඛ පුවත 1

ගම්බිම් බලා ගිය ජනතවට නැවත පැමිණීමට විශේෂ බස් රථ සහ දුම්රිය

අලුත් අවුරුද්ද සැමරීමට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණිමට අද සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

මේ වන විට සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ප්‍රමාණවත් තරම් බස් රථ යෙදවීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පි.එච්.ආර්.ටි.චන්ද්‍රසිරි මහතා පැවසුවේය.

ඊට අවශ්‍ය කාර්යය මණ්ඩලය ද මේ වන විට යොදවා තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අලුත් අවුරුද්දට පෙර ක්‍රියාත්මක කල විශේෂ බස් රථ සේවාවෙන් වාර්තාගත ආදායමක් උපයාගැනීමට සමත් වූ අතර එය පෙර වසරවලට සාපේක්ෂව මෙවර අදායම විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඊට අමතරව අද සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය ද සිදුකරන බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසයි.

විශේෂයෙන් පිටපලාත්වල සිට කොළඹ දක්වා විශේෂ දුම්රිය කිහිපයක් අද සිට ධාවනය කිරීමට ද සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඒ අනුව යාපනය සිට කොළඹ දක්වාත්, ගාල්ල සිට මරදාන දක්වාත්, මාතර සිට මරදාන දක්වාත් බදුල්ලේ සිට කොළඹ දක්වාත් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නව ලේකම්තුමිය වැඩ භාර ගනී

Mohamed Dilsad

වර්ජනය නිසා කාර්යාල දුම්රිය කිසිවක් ධාවනය වී නෑ

Mohamed Dilsad

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය දිවයිනට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment