විදෙස්

තමිල්නාඩු ධීවරයින්ගේ වර්ජනය අවසන්

(උදයම්,ඉන්දියාව)  – ඉන්දීය ධීවරයෙකු වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා කරමින් තමිල්නාඩු ධීවරයින් ආරම්භ කර තිබු වර්ජනය නතර කිරීමට තීරණය කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් සමඟ සාකච්ඡාවක් පැවති බවය.

ඒහිදී ඉන්දු ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කොට කඩිනමින් විසඳුමක් ලබාදෙන බවට සිදුකළ දැනුම්දීමකට අනුව ඊයේ(13) ඔවුන් වර්ජනය නතර කර තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයෙකු වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා කරමින් පසුගිය 06 වන දින සිට තමිල්නාඩු ධීවරයින් ධීවර කටයුතුවලින් ඉවත් වී මෙම වර්ජනය ආරම්භ කළේය.

Related posts

ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීම්

Editor O

ඕස්ට්‍රේලියාවේ හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

බ්‍රසීලයේ අවන්හලක වෙඩි තැබීමක්. 11 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment