Trending News

උත්සව සමයට නව මිල ගණන් යටතේ සුදු සීනි සහ කුකුළු මස්

(උදයම්,කොළඹ)  –  සුදු සීනි සහ බ්‍රොයිලර් කුකුළු මස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ජීවන වියදම් කමිටුවේ දී සුදු සීනි හා කුකුළු මස් සඳහා ඇති පාරිභෝගික අවශ්‍යතාව, ආනයනික මිල සහ වෙළෙඳ පොළ මිල සළකා බැලීමෙන් පසු මේ තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව මෙතෙක් සුදු සීනි සඳහා පනවා තිබූ 93.00ක පාලන මිල ඉවත්කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර ඇත.

දුඹුරු සීනි සඳහා පාලන මිලක් පනවා තිබුණේ නැත. සම සහිත කුකුළු මස් කිලෝවක් සඳහා පනවා තිබූ පාලන මිල රුපියල් 410.00ක් වූ අතර සම රහිත කුකුළු මස් කිලෝවක් සඳහා පනවා තිබූ පාලන මිල රුපියල් 490.00කි. එම පාලන මිල ගණන් ද ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා කියා සිටියේ පසුගිය දා ජීවන වියදම් කමිටුවේ දී සුදු සීනි සහ කුකුළු මස සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමට ඉල්ලීමක් තිබූ බවයි.

ඒ පිළිබඳ පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පාරිභෝගික සභාවට දැනුම් දීමෙන් අනතුරුව ලැබුණු නිර්දේශ අනුව මෙලෙස පාලන මිල ඉවත්කිරීමට කටයුතු කරන බව ද තිලකරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය. මෙයට අදාල ගැසට් නිවේදනය ඊයේ (13) සවස මුද්‍රණය සඳහා යැවීමට සූදානම් කරමින් තිබූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ඉදිරියේ එළැඹෙන උත්සව සමයේ දී සීනි සහ කුකුළු මස් හිඟයක් ඇති වීමට කිසිදු ඉඩක් නොමැති බවයි. වෙළෙඳ පොළෙහි අවශ්‍ය තරම් සීනි තොග තිබෙන බවත් අවශ්‍ය පමණ කුකුළු මස් වෙළෙඳ පොළට සැපයීමට හැකියාව ඇති බවත් එම අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

Related posts

கனடா – வான்கூவர் தீவில் நிலநடுக்கம்

Mohamed Dilsad

சஜித்தை ஜனாதிபதி வேட்பாளராக நியமிக்குமாறு கோரி கண்டியில் ஆர்ப்பாட்டம்

Mohamed Dilsad

Barack and Michelle Obama to make TV and films for Netflix

Mohamed Dilsad

Leave a Comment