ප්‍රමුඛ පුවත 1

නවීන ගිලන් රථ 138 ක් රෝහල්වලට බෙදාදීමේ වැඩපිළිවෙලක්…

(UTV| කොළඹ) – දිවයින පුරා රෝහල් වලට අවශ්‍ය නවීන ගිලන් රථ බෙදාදීමේ වැඩපිළිවෙලට අනුව සෞඛ්‍ය, පෝෂණ  හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරු 10.00 ට ගිලන් රථ 138 බෙදාදීම කොළඹ මහ නගර සභා භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

ෆෝඩ් වර්ගයේ ගිලන් රථ 118 ක් බෙදාදීමට නියමිත අතර, එක් ගිලන් රථයක වටිනාකම අනූඑක්ලක්ෂ හැත්තෑපන්දහසක් වේ.

බෙන්ස් වර්ගයේ ගිලන් රථ 20 ක් බෙදාදීමට නියමිත අතර, එක් ගිලන් රථයක වටිනාකම එක්කෝටි අසූහතර ලක්ෂයකි.

මීට පෙර ෆෝඩ් සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ 152 ක් රෝහල්වලට බෙදාදී තිබේ.

අමාත්‍ය  රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත නවීන ගිලන් රථ 450 ක් රෝහල්වලට බෙදාදීමට නියමිතය අතර මෙතෙක් කල් රෝහල්වලට ලබාදෙනු ලැබුයේ සාමාන්‍ය වර්ගයේ ගිලන් රථ වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොටුව සිට මාලඹේ දක්වා සැහැල්ලු දුම්රිය සේවාවක්….

Mohamed Dilsad

දිමුත් කරුණාරත්නගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි.

Mohamed Dilsad

බොරැල්ලේ අනතුර සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු 8දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment