ප්‍රමුඛ පුවත 1

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව චාරිත්‍රානුකූලව ජනපතිට පිළිගන්වයි

(UTV| කොළඹ) – සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සම්ප්‍රදායික චාරිත්‍රානුකූලව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

චිරාගත පිළිවෙත් අනුව නැකැත් සීට්ටුව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදු කෙරිණ.

අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ගිනි දැල්වීම හා ආහාර අනුභවය, නව වසරේ රැකියා සඳහා පිටත්ව යෑම ආදි කරුණු නැකැත් සීට්ටුවට ඇතුළත් වේ.

ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, අමාත්‍යාංශයේ ලේකම් බර්නාඞ් වසන්ත, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යළි දුම්රිය සේවක වර්ජනයක්?

Mohamed Dilsad

සිංහල – දෙමළ අලුත් අවුරුද්දට ජනපතිගෙන් සුබපැතුම් [RELEASE]

Mohamed Dilsad

ජාතික නිදහස් දින සමරුම් උත්සවයට මහින්ද නෑ..

Mohamed Dilsad

Leave a Comment