ප්‍රමුඛ පුවත 1

හිටපු ගණකාධිකාරීවරයෙකුට වසර 37ක සිර දඬුවම්..

 

(UTV| කොළඹ) – ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කැළණිය ප්‍රාදේශීය කාර්යාලයේ හිටපු ගණකාධිවරයෙකුට අද (02) කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර 37 ක සිර දඬුවම් නියම ක‍ළේය.

අදාල නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ කැදවූ අතර සැකකරුට රුපියල් ලක්ෂ 40ක දඩයක් සහ ජාතික ජල සම්පාදන මණ්ඩලයට රුපියල් ලක්ෂ 130ක වන්දියක් ගෙවන ලෙසට ද නියම කළේය.

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කැළණිය ප්‍රාදේශීය කාර්යාලයේ 2005 වසරේදී ගණකාධිකාරීවරයාව කටයුතු කළ ආනන්ද මාබෝල නැමති මොහු එහි කළමනාකරුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් එම මණ්ඩලයට අයත් චෙක්පත් 57 කින් රුපියල් ලක්ෂ 120කට අධික මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුත්තලමේ කුණුවලට විරුද්ධ ඇමති රිෂාඩ්ට ෆේස්බුක් කැරැල්ලක්

Mohamed Dilsad

දුමින්ද සිල්වාගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි

Mohamed Dilsad

ජල සම්පාදන සේවකයින් වර්ජනයකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment