ප්‍රමුඛ පුවත 1

සා පෙළ ප්‍රථිපල සහතික පත්‍රය ගැනීමට අප්‍රේල් පළමුවනදා සිට අවස්ථාව

(UTV| කොළඹ) –  මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට අදාළව විදේශ රටවල භාවිතය සහ දේශීය භාවිතය සඳහා එක්දින සේවාව යටතේ සහතික පත්‍ර නිකුත්  කිරීම විභාග දෙපාර්තමේන්තුවේ සහතික පත්‍ර ශාඛාව මගින් අප්‍රේල් පළමුවනදා සිට සිදු කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 011 2784208, 011 2784537, 0113188350 හෝ 0113140314 අංකවලින් විමසීම් කළ හැක.

එසේම 1911 ක්ෂණික ඇමතුම් අංකයෙන්ද මේ පිළිබඳව තොරතුරු ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන හෙට(30) පෙරවරු 10න් පසු පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවෙන් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත පමණක් නිකුත් කරනු ඇති.

අනෙක් සියලු පාසල් වෙත ප්‍රතිඵල ලේඛන හෙට(30) තැපැල් කෙරෙන අතර පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ප්‍රතිඵල ඉදිරියේදී තැපැල් කෙරේ.

මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන සියලු අයදුම්කරුවන් ලබන අප්‍රේල් මස 12වනදාට පෙර අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුව වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පාසල් අයදුම්කරුවන් සඳහා වන නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර ප්‍රතිඵල ලේඛන සමග විදුහල්පතිවරුන් වෙත යවනු ලබයි.

පෞද්ගලික අයදුම්කරුවන්ගේ නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර  හෙට දින ජාතික පුවත්පත්වල පළ කරනු ලබන දැන්වීම අනුව සම්පූර්ණ කර එවිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

“එක් තීරුවක් – එක් මාවතක්”ව්‍යාපෘතිය ණය උගුලක් නොවේ.චීනය කියයි

Mohamed Dilsad

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට.

Mohamed Dilsad

අන්තරේ කැදවුම්කරු රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment