ප්‍රමුඛ පුවත 1

මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ තොගයක් නාවික හමුදා භාරයට

(UTV|උඩප්පුව) – වයඹ නාවික විධානයට අයත් ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් උඩප්පුව මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 1232.5 ක ප්‍රමාණයක් සොයා ගනී.

මෙම බීඩී කොළ තොගය පාර්සල් 35 ක බහා තිබු බව නාවික හමුදාව පවසයි.

නීති විරෝධී අන්දමින් මෙරටට රැගෙන ඒම සඳහා මුහුදේ පා කිරීමට කටයුතු කර ඇතැයි සැක ‍කරන අතර අදාල බීඩී කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා සින්නපාඩු, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

ඒ අනුව මෙම වර්ෂයේදී පමණක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද බීඩී කොළ කිලෝග්‍රෑම් 7000 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, ඉදිරියේදී ද මෙවැනි නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්විමට නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරමින් සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

facebook සැබෑවටම පාලනය කල යුතුයි – ඇමති අමරවීර කියයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා – චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය විවෘත කිරීම ලබන 07 වනදා

Mohamed Dilsad

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට බන්ධනාගාර 2ක්

Mohamed Dilsad

Leave a Comment