ප්‍රමුඛ පුවත 1

පාසලක් තුළ මත්පැන් පෙරූ පුද්ගලයෙක් අත්අඩංගුවට

(උදයම්,පොළොන්නරුව)  – හිඟුරක්ගොඩ නගරයේ ප්‍රධාන පාසලක් තුළ නීතිවිරෝධී මත්පැන් පෙරූ පුද්ගලයෙකු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් මෙම සැකකරු ඊයේ(10) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවය.

ඔහු එම පාසලේ ආපන ශාලාවේ සේවකයෙකු වන අතර එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

මේ අතර නීති විරෝධී මත්පැන් පෙරීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු මිනුවන්ගොඩ, කටුවැල්ලේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී නීති විරෝධී මත්පැන් ලීටර් 101ක් හා ගෝඩා ලීටර් 1890ක් සොයාගත් බව පොලීසිය පැවසුවේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකි.ඔහු අද(11)  මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

Related posts

අලුත් කඩේ අධිකරණ සංකීර්ණය අසළදී ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට..

Mohamed Dilsad

‘ගජ’ නිසා උතුරේ පාසල් වැසේ

Mohamed Dilsad

අල්ලස් ගත සහකාර පොලිස් අධිකාරීවරයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment