ප්‍රමුඛ පුවත 1

නාමල් ඇතුළු 5කට විදෙස්ගත වීමට අවසර

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 5 දෙනෙකුට විදේශගත වීම වළක්වමින් පනවා තිබූ තහනම් නියෝගය ඉවත් කරයි.

අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝග නිකුත් කළා ය.

අදාළ සැකකරුවන්ට විදේශගත වීම සම්බන්ධයෙන් කොළඹ මහාධි කරණය විසින් ලබා දී ඇති නියෝගයට අද දින තම අධිකරණය විසින් නිකුත් කළ නියෝගය කිසිදු බලපෑමක් හෝ බාධකයක් නොවිය යුතු බව ද මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නා ය.

නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමග කළ ගණුදෙනුවකදී අයුතු ලෙස මුදල් උපයා ගැනීම හා සිය මන්ත්‍රී ධූරය භාවිත කරමින් මිහින් ලංකා සමාගමට සේවා සැපයූ හෙලොව්කෝක් සමාගම මිලදී ගැනීම ඇතුළු චෝදනා යටතේ මූල්‍ය අපාරාධ කොට්ඨාසය විසින් මෙම නඩුව පවරා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කටුකුරුන්ද බෝට්ටු අනතුරට සම්බන්ධ බෝට්ටුකරු බන්ධනාගාර ගත කෙරේ

Mohamed Dilsad

මන්ත්‍රී ආරක්‍ෂාව වැඩි කරයිද?

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment