ප්‍රමුඛ පුවත 1

ජොන්ස්ටන් තවත් නඩු 4කින් නිදහස්

(UTV| කොළඹ) –  හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු හතරක් අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒ මහතා නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අමාත්‍යවරයෙකකු ලෙස කටයුතු කළ අවධියේ සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම  මෙම නඩු හතර ගොනුකර තිබුණි.

මෙම නඩු අද(19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවල පවතින තාක්ෂණික  දෝෂ හේතුවෙන් ඒවා ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි.

ඒ අනුව අදාළ නඩු ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අනතුරුව විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදහස් කිරීමට ද නියම කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නව අග්‍රාමත්‍යවරයා වැඩ භාර ගනී.

Mohamed Dilsad

දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment