ප්‍රමුඛ පුවත 1

600 වන ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කිරීම හෙට.

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උදාර සංකල්පයකට අනුව  මේවන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක ජල පිරිපහදු යන්ත්‍ර විශාල ප්‍රමාණයක් ස්ථාපිත කර තිබේ.

මෙහි වකුගඩු රෝගයෙන් පීඩා විදින ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීම සඳහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකායේ සහ විවිධ දානපතීන් ගේ මුල්‍ය දායකත්වය යටතේ නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම උපයෝගී කර ගනිමින් මෙය ක්‍රියාත්මක කරයි.

දිවයිනේ ප්‍ර‍දේශ රැසක මිලියන 1.5 ක පමණ වූ ජනතාව සඳහා පිරිසිදු පානීය ජලය ලබා දීමට මෙමඟින් හැකියාව ලැබී ඇත.

එහි සුවිශේෂ අවස්ථාවක් සනිටුහන් කිරීම වශයෙන්  600 වන ජල පිරිපහදු යන්ත්‍රය හෙට (20) දින සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරය, ඓතිහාසික ඉසුරුමුණි විහාරස්ථානයේදී, විවෘත කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තියුණු ආයුධ පහර දීමකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

ජපාන – ශ‍්‍රී ලංකා ආයෝජන සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

රථවාහන වැරදි 33ක් සඳහා ස්ථානීය දඬ මුදල්

Mohamed Dilsad

Leave a Comment