ප්‍රමුඛ පුවත 1

කෝටි 2 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක්

(උදයම්,යාපනය)  – චාවකච්චේරි  බටහිර පේසාලේ ප්‍රදේශයේ තිබී රුපියල් කෝටි 2 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සොයා ගනී.

එම ප්‍රදේශයේ කුඹුරක පාර්සල් කිහිපයක් දමාගොස් ඇති බවට පොලිසියට තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව අද (10) උදෑසන පොලිසිය එම පාර්සල් තොගය සොයා ගෙන ඇත.

එම පාර්සල් පරීක්ෂාවට ලක් කිරීමේදී එහි තිබී කිලෝග්‍රෑම් 231 ක බරින් යුත් කේරළ ගංජා තොගය සොයා ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

දේශපාලන පලිගැනීම් නවත්වන්නැයි නව ජනාධිපතිගෙන් ඉල්ලීමක් [VIDEO]

Mohamed Dilsad

බිම් කොටස් ලක්ෂ 36ක මැණුම් කටයුතු මේ වසර තුළ අවසන් කිරීමට සැලසුම්

Mohamed Dilsad

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද යළි රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment