ප්‍රමුඛ පුවත 1

ඩොල්ෆින් මසුන් මැරූ මාදැල් හිමියාගේ බලපත්‍රය අහෝසී

(උදයම්,කොළඹ) – ත්‍රිකුණාමලය ඇතුල්වරාය මුහුදු තීරයේ ඩොල්ෆින් මසුන් මැරීමට සම්බන්ධ වූ මාදැල් හිමියාගේ බලපත්‍රය තහනම් කිරීමට පියවර ගත් බව   ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.

විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊට අදාළ උපදෙස් ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලබාදී ඇත.

ත්‍රිකුණාමලය ඇතුල්වරාය මුහුදු තීරයේ ඩොල්ෆින් මසුන් මැරීමේ නිරත වූ ධීවරයින් 9 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන් සතුව තිබූ ධීවර යාත්‍රා දෙකක් හා ඝාතනය කරන ලද ඩොල්ෆින් මසුන් 12 දෙනෙකු ද පොලිස් භාරයට ගැනුණි.

Related posts

අදත් ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

වතු කම්කරුවන්ට අදත් ඇබැද්දියක්

Mohamed Dilsad

වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවක කරුපයියා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment