ප්‍රමුඛ පුවත 1

අභාවප්‍රාප්ත වූ පොලිස් පරීක්ෂක , මහතාගේ අවසන් කටයුතු අද

(UTV| කොළඹ) – බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

ඒ මහතාගේ දේහය මේ වන විට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත.

පසුගිය පෙබරවාරි මාසයේ බම්බලපිටියේදී සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියේ පෙරේදා(09) රාත්‍රියේ ඔහු ජීවිතක්ෂයට පත්විය.

ඔහු රාජකාරි කටයුත්තක් සඳහා සිය යතුරු පැදියෙන් බම්බලපිටිය දෙසට පැමිණෙමින් සිටියදී ආලෝක සංඥා නොතකමින් ධාවනය කළ ඩිපෙන්ඩර් රථයක ගැටිමෙන් අනතුරට ලක් විය.

දින 14ක් ඔහු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

තිදරු පියෙකු වූ සරත්චන්ද්‍ර මහතා මිය යන විට 51 වන වියේ පසු විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හලාවත අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයෙන් මුදල් සොරකම් කරයි

Mohamed Dilsad

“රට වෙනුවෙන් එකට සිටිමු” සමාප්ති වැඩසටහන අද ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

දිමුත් කරුණාරත්න අද මහෙස්ත්‍රාත් අධිකරණයට.

Mohamed Dilsad

Leave a Comment