ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජනය අවසන්(UPDATE)

(UTV| කොළඹ) – ඊයේ(08) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ දුම්රිය වර්ජනය අවසන් කර තිබේ.

දුම්රිය රියදුරන්ගේ සංගමය පැවසුවේ දුම්රිය රියදුරන් නවාතැන් ගන්නා දෙපාර්තමේන්තුවට අයත් බංගලාවල කණිෂ්ඨ කාර්ය මණ්ඩල වගකීම්වලින් නිදහස් කිරීමට සාමාන්‍යාධිකාරීවරයා කටයුතු කිරීම එසේම එම නවාතැන් බංගලාවල නවීකරණ කටයුතු සිදුනොකිරීමට  විරෝධය පල කරමින් මෙම වර්ජනය ආරම්භ කළ බවයි.

ඒ හේතුවෙන් අද අලූයම දුම්රිය ගමන් වාර 10ක් පමණ අවලංගු වී තිබේ.

කෙසේ වෙතත් එම ගැටළු නිරාකරණය කරන බවට දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා  දුරකථනයෙන් දැනුම්දී ඇත.

ඉන් පසුව මෙම වර්ජනය අවසන් කළ  බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩමහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුජීත්ට සහ හේමසිරිගේ එරෙහි පෙත්සම ලබන මසට කල් තැබේ.

Mohamed Dilsad

පාසල්වල ශ්‍රේණි තුනක් හෙටින් ඇරඹේ

Mohamed Dilsad

රට වෙනුවෙන් එකට සිටිමු” අම්පාර දිස්ත්‍රික් සමාප්ති වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment