ප්‍රමුඛ පුවත 1

මහා ශිව රාත්‍රී දිනය අදයි.

(UTV| කොළඹ) – ලොව පුරා හින්දු බැතිමතුන් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදයි.

මහා ශිව රාත්‍රිය නිර්මාණය වූ ආකාරය පිළිබද හින්දු ඉතිහාසයේ දේව කථා වල විවිධ මති මතාන්තර පවතියි.

ඉන් එකක් වන්නේ ශිව දෙවියන්ගේ 2 වන බිසව වන පාර්වතී දේවිය ඇගේ අත් වලින් ශිව දෙවියන්ගේ දෑස් වැසූ බවත් එවිට මුලු ලෝකයම අන්ධකාර වී සියලු ජීවින් පීඩාවට පත්වූ බවත්ය.

එවිට සෙසු දේවතාවන් ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වූ බවත් ඉන් අනතුරුව අඳුර දුරුවී ආලෝකය උදා වූ බවත් එහි සඳහන්වේ.

ඉන් පසු එම දිනය ශිව රාත්‍රිය යනුවෙන් හැඳින්වුණි.

අද දිනය හින්දු බැතිමතුන් ශිව දෙවියන් ගැන සිහිකර නිරාහාරව උපවාස කරමින් කාළය ගත කරයි.

ශිව දෙවියන් උදෙසා ශිව මන්ත්‍ර ගායනා කිරීමද හින්දු නිවෙස්වල අනිවාර්ය අංගයක්වේ.

හින්දු දේවාල වෙත ගොස් එහි ස්ථාපිත ශිව ලිංගය කිරිවලින් නැහැවීමද හින්දු බැතිමතුන් අද දවසේදී සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මුලතිව් ජනතාව විරෝධතාව දැක්වුයේ කාටද?

Mohamed Dilsad

ප්‍රකාශයක් ලබා දිම සඳහා හිස්බුල්ලා ජනාධිපති කොමීසම හමුවට

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 16509 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment