ප්‍රමුඛ පුවත 1

කොළඹ ප්‍රදේශ රැසකට පැය 18ක් ජලය නෑ

(UTV| කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව අද(02) රාත්‍රී 9.00 සිට හෙට(03) පස්වරු 3.00 දක්වා කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට අදාළ කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.

මහ කොළඹ ජල හා අප ජල වැඩි දියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ සිදු වන නවීකරණ කටයුත්තක් වෙනුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලැබේ.

එම කාල සීමාව තුළ කොටුව සහ පිටකොටුව ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බවද ජල සම්පාදන මණ්ඩලය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

Mohamed Dilsad

අලුත් ආණ්ඩුවට දින 100 ය සම්පූර්ණයි

Mohamed Dilsad

Leave a Comment