විදෙස්

පකිස්ථාන – ඉන්දීය ගැටුම ඇවිලෙයිද?

(UTV|ඉන්දියාව) – පකිස්ථානයෙන් එල්ල විය හැකි ඕනෑම ප්‍රහාරයකට තමන් සූදානම් බව ඉන්දීය ත්‍රිවිධ හමුදාව පවසයි.

විදෙස් වාර්තා සඳහන් කලේ ඉන්දීය ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් මේ බව සඳහන් කළේ නවදිල්ලි නුවරදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.

පකිස්ථානය සිය හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කර ඇති බවත් ඉන් ගැටලුව තවත් උග්‍ර වනු ඇතැයි මේජර් ජෙනරල් සුරේන්ද්‍ර සිං මහල් පැවසු බව විදෙස් වාර්තා පැවසීය.

කෙසේ වෙතත් සිය ගුවන් අවකාශය ආරක්ෂා කිරීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව එයාර් වයිස් මාර්ෂල් ආර්.ජී.කේ. කපූර් පවසා තිබේ.

මේ අතර පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ එරට පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ තම අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් අද දිනයේ නිදහස් කරන බවයි.

මේ අනුව දෙරට අතර යළි සාමය ස්ථාපිත වනු ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හමාස් භූගත කඳවුරක් ගැනත් තොරතුරු එළියට

Mohamed Dilsad

Whatsapp, Facebook වෙළඳ දැන්වීම් නතර කරයි

Mohamed Dilsad

ගින්නෙන් මියගිය පිරිස තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment