ප්‍රමුඛ පුවත 1

ඇමති රිෂාඩ් “නැණ ශක්ති” වැඩසටහනට එක්වෙයි

(UTV| කොළඹ) – පාසල් සමූපකාර සමිති ආරම්භ කිරීම සහ සමූපකාර අලෙවිසැල් පිහිටුවීම සඳහා මූලාධාර ලබාදීමේ “නැණ ශක්ති” වැඩසටහන කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, වොක්ෂෝල් වීදිය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (26) පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය යටතේ එක් පාසලකට රුපියල් ලක්ෂ 05ක මුදලක් පිරිනැමේ. පාසලේ 6 සිට 13 ශ්‍රේණි දක්වා සිසුන්ගේ සහභාගීත්වයෙන් පාසල් සමූපකාර සමිති පිහිටුවනු ඇත.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්. කේ.ඩී රංජිත් අශෝක, ගරු අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ඉර්ෂාඩ් රහමතුල්ලා, සමුපකාර කොමසාරිස් එස්.එල්. නසීර්. සමූපකාර නායකයන්, පාසල් සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වීසා නොමැතිව රැඳී සිටින විදේශිකයන් 8,000 ක් පිටුවහල් කිරීමට පියවර

Mohamed Dilsad

ඇල්පිටියෙන් ආරම්භ වන සියලූම පෞද්ගලික බස් වර්ජනයකට

Mohamed Dilsad

සාමාන්‍ය පෙළට මුහුණ දුන් අපේකෂකයින් 05 කගේ ප්‍රතිඵල අත්හිටුවීමට පියවර…

Mohamed Dilsad

Leave a Comment