ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු මත්ද්‍රව්‍ය වාර්තාව අද අගමැති අතට

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කොකේන් භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන කමිටුව විසින් සකස් කල වාර්තාව අද(25) අග්‍රාමාත්‍යවරයාට භාරදීමට නියමිතය.

ඊට අමතරව එම වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට නියමිතව තිබේ.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී  කමිටුවක් පත් කල අතර  එහි ප්‍රධානියා ලෙස සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කටයුතු කරයි.

ඒ අනුව පසුගිය සිකුරාදා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය පිළිබඳ එම කමිටුවට ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඒ සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අද(25) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දෙන අතර එම වාර්තාවේ පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද බාර දීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

සාකච්ඡා වලට ප්‍රතිචාරයක් නෑ.දුම්රිය වර්ජනය ස්ථිරයි

Mohamed Dilsad

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි

Mohamed Dilsad

තව්හීත් ජමාත් නායක සහරාන් සමඟ ඡායාරූප ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment