ප්‍රමුඛ පුවත 1

පස්වන හරස් වීදියේ කඩ ඉවත් කිරීමේ සුදානමක්

(UTV| කොළඹ) – පිටකොටුව පස්වන හරස් වීදියේ වෙළඳාමේ නිරත පදික වෙළඳුන්ගේ වෙළඳසැල් කඩා ඉවත් කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කරයි.

ඒ කොළඹ මහ නගර සභාවට ගෙවීමට නියමිත බදු මුදල් නොගෙවීම හේතුවෙනි.

කොළඹ පිටකොටුවේ 5 වන හරස් වීදියේ පිහිටා තිබෙන පදික වෙළඳසැල් මෙලෙස ඉවත් කිරීමට තීරණය කර තිබුණි.

ඊට හේතුව වී ඇත්තේ කොළඹ මහ නගර සභාවට ගෙවීමට නියමිතව තිබූ බදු මුදල් නියමිත දිනට ගෙවා නිම නොකිරීම හේතුවෙන්ය.

ඊයේ රාත්‍රීයේ මෙම වෙළෙඳසැල් කඩා ඉවත් කිරීමට ගිය අවස්ථාවේ කොළඹ මහ නගර සභාවේ නිලධාරීන්ගෙන් පදික වෙළෙඳුන් ඉල්ලා ඇත්තේ  හිඟ බදු මුදල් ගෙවා නිම කිරීම සඳහා අද උදෑසන 10 දක්වා කාලය ලබා දෙන ලෙසයි.

ඒ අනුව හිඟ බදු මුදල් ගෙවා නිම කිරීම සඳහා ලබා දුන් කාලය අද උදෑසන 10 දක්වා දීර්ඝ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විපක්ෂ නායකයා ඇතුළු පක්ෂ නායකයින් යළි රැස්වේ

Mohamed Dilsad

එක් කෝටි 36 ලක්‍ෂයක මත් පෙති සොයා ගැනේ

Mohamed Dilsad

හදිසි හදවත් සැත්කම් රජයේ වියදමින් පෞද්ගලික රෝහල් මඟින් සිදුකෙරේ

Mohamed Dilsad

Leave a Comment