ප්‍රමුඛ පුවත 1

රන්ජන්ගේ කොකේන් කතාව ගැන විමර්ශනය කරන්න අද සුදානම්

(UTV| කොළඹ) – කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අද(22) ආරම්භ කිරීමට නියමිතය.

ඒ එම විමර්ශනය කටයුතු කිරීම සඳහා සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව අද රැස්වීමෙන් අනතුරුවයි.

එහිදී අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමර්ශනය කෙරෙනු ඇති අතර එම කමිටුව අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුවේ කමිටු කාමර හතේදී රැස්වීමට නියමිතය.

පසුගිය වසරේ නොවැම්බර් මස 14,15,16 යන දිනයන්හි පාර්ලිමේන්තුවේ සිදුවු කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් වූ වාර්තාව අද කතානායක කරූ ජයසුරිය විසින් සභාවට ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගත වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 80 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඉහළ පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට නව පත්වීම්

Mohamed Dilsad

අනිද්දා පැය 18 ක් කොළඹට ජලය සැපයුම නවතී

Mohamed Dilsad

Leave a Comment