Trending News

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට

(උදයම්,කොළඹ) – තෙදින නිළ සංචාරය අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රියේ යළි දිවයිනට පැමිණියේය.

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩඩෝගේ ආරාධනාවකට අනුව ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති ඉන්දීය සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා පසුගිය සඳුදා ඉන්දුනීසියාව බලා පිටත්ව ගියේය.

ඉන්දියානු සාගර කලාපයේ පිහිටි රටවල් 21 ක රාජ්‍ය නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්වුණු අතර එහිදී කලාපීය රටවල සහයෝගය ඉදිරියට ගෙන යාමේ සම්මුතියකට ද රාජ්‍ය නායකයෝ අත්සන් තැබුහ.

මෙම සමුළුව අතරතුර ජනාධිපතිවරයා දකුණු අප්‍රිකානු ජනාධිපති,ඉන්දිය උප ජනාධිපති, ඕස්ට්‍රේලියානු අගමැති,බංග්ලාදේශ අගමැති ඇතුලූ රාජ්‍ය නායකයන් ඇතුලූ ද්විපාර්ශවික සාකච්ඡා පවත්වනු ලැබීය.

Related posts

ஜொன்ஸ்டன் பெர்ணான்டோ 4 வழக்குகளில் இருந்து விடுதலை

Mohamed Dilsad

சீன சிகரெட்டுக்கள் குறித்து மங்கள விளக்கம்

Mohamed Dilsad

Defending champ Fahim strikes form ahead of knock out round

Mohamed Dilsad

Leave a Comment