ක්‍රීඩා

අමතක නොවන ටෙස්ට් තරඟය ගැන කුසල් ජනිත් කියන කතාව

(UTV| කොළඹ) – තම ක්‍රිකට් ජීවිතයේ අමතක නොවන විශිෂ්ඨතම ටෙස්ට් තරගය ඊයේ(16) ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා පිතිකරු කුසල් ජනිත් පෙරේරා පවසයි.

මොහු මේ බව සඳහන් කළේ දකුණු අප්‍රිකාවට එරෙහිව එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමෙන් අනතුරුව cricinfo වෙබ් අඩවිය  සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

ඊයේ ඩර්බන් හී පැවැති තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට දෙවන ඉනිමේදී ලකුනු 304ක  ඉලක්කයක් හිමිවිය .

එහිදී කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුනු 153 ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණය කරා ගෙන ගියේය.

එහිදී විශ්ව ප්‍රනාන්දුගෙන් ලැබුනු සහයද අගය කරන බව කුසල් පෙරේරා මෙහිදී පවසා ඇත.

මේ අතර ශ්‍රී ලංකා පිළ ඊයේ ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා , අග්‍රාමාත්‍යවරයා මෙන්ම හිටපු ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ ක්‍රීඩකයින් රැසක්ද ප්‍රසාදය පළ කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුනු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන බ්‍රහස්පතින්දා(21) පෝර්ට් එළිසබෙත් හීදි ආරම්භ වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා තරඟ කාල සටහන

Mohamed Dilsad

ඔලිම්පික් තරඟ සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළ් කරගැනීමේ සූදානමක්

Mohamed Dilsad

IPL අවසන් සටනේ රනින් කැටයම් කළ කුසලානය කාට ද

Mohamed Dilsad

Leave a Comment